නොකියාම එදා

Nokiyama Eda
නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ
මේ මාළිගයේ
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ
පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක
ගලවාල දමා
ගලවාල දමා කණකර අබරණ හැම දාක
වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders