මලක් නෙලා ගෙනැවිත්
Malak Nelaa Genawith
මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි
මේ මල මම නෙලාගත්තෙ මගේ මල් වත්තෙන්
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතිං තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ
ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතිං තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ
අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොද හැටි දන්නා බවකි කියන්නේ
සමාවෙන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලාගත්තේ මේ මල නංගිගේ මල් ගසකින්
දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders