මහත්තයෝ මං දන්නවා

Mahaththayo Man Dannawa
මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම
ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද
තාත්තෙක් වගේ අර නුඹ අතගෑ ‍මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සශිකා නිසංසලා
All songs by සශිකා නිසංසලා