මගෙ ආදරේ මදි වුනාද

Mage Adare Madi Wunaada
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදි වුනාද
ඉග නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරේ මදි වුනාද
නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සද එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි වුනාද
මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම
මං ජීවත්වී හිදීද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders