කොබෝලීල මලක

Koboleela Malaka
කොබෝලීල මලක මිදුණු පිණි කඳුලැලි සේ
මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ
නුබට බබෝ කවුරු තැලූ
ගම්මැදිබඩ ළමයි තැලූ
ඇයි ළමුනේ බබුට තැලූ
අපිට තැලූ අපිත් තැලූ
එකටෙක කරනට හොඳ නෑ ළමාවරුන්නේ
වෛරෙන් වෛරය කිසිදින නෑ සන්සිඳුනේ
එහෙනම් ඇයි සුදු අපහට කලුයි කියන්නේ
ඒකයි අපි එලව එලව බබුට තලන්නේ
ළමුනේ ඔබ මොකෙන් තැලූ
දල මැක්කෙන් පිටට තැලූ
මින්මතු නොකියාවි කලූ
පුංචි බබා වෙයි යාලූ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders