කවුරුදෝ අර කවුළුවෙන්

Kawurudo Ara Kawuluwen
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්
ගායනය : සනත් නන්දසිරි
තනුව : සනත් නන්දසිරි
ගී පද : ඩෝල්ටන් අල්විස්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders