කලකට පෙර

Kalakata Pera
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ
දෙව්මව් තුරුළෙ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී
සැතපීලයි උන්නේ
දුප්පත් එඩේරු ඒ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ
මරියතුමීගේ පෙම්බර මුහුණේ
එළියක් දිස්වූයේ
ජුසේතුමා කිසිදාකත් නෑ
දෙව් අණකට පිටුපෑවේ
වටපිට රොක්වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසති
රජතුන් කට්ටුව බිලිඳා ළඟ වැටී
පඬුරු ඔප්පු කරති
මිනිස් සමාජය පාපෙන් බේරා
ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර
කී දේ ඉන් ඉටුවූවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders