ඉස්සර කාලේ හඳ මාමා

Issara Kaale Handa Maamaa
ඉස්සර කාලේ හඳ මාමා
අපට ගෙනා කිරි පැණි සේමා
අලුත් කථාවක් කියලා දෙන්නට
පිච්ච වැටෙන් මිදුළට ආවා
හඳ මාමගෙ සුදු හා පැටියා
කන්දක් තරමට ලොකු වීලා
පුලුන් වගේ තිබු ඇඟ පත සේරම
කළු ගල් වාගෙලු හයි වීලා
දවසක් පියඹා ඇවිදිල්ලා
කුමරෙක් කොඩියක් ගෙනැවිල්ලා
හා කඳු වැටියේ මුදුනට නැගලා
කුටියෙහි තිව්වලු හිනැහීලා
අඩියක් අද ඉදිරියට යමු
හෙට තව අඩියක් පෙරට යමු
කොඩිය හිටවලා කුමරා කිව්වලු
පුංචි අපිත් දියුණුවට යමු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders