ඉස්සර කාලේ
Issara Kaale
ඉස්සර කාලේ ජපන් රටින්
ඔබ එනතුරු නැව් නැගලා
අපි හිටියා
බෝනික්කෝ බෝනික්කෝ බෝනික්කෝ
අම්මට කියලා ගවුමක් මහලා
සාරි අන්දලා හැඩ වැඩ බැලුවා
බෝනික්කෝ බෝනික්කෝ බෝනික්කෝ
කම්හල් ඇතුලේ අපේ රටේ
හැඩ වැඩ කරනා හරිම දඟේ
අපේ අක්කලා අපේ අයියලා
ඔබ ගැන කියනා කතන්දරේ
හරිම ලස්සනයි හරිම ලස්සනයි
බෝනික්කෝ බෝනික්කෝ බෝනික්කෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders