හා මල් පිපෙන්නේ

Haa Mal Pipenne
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
මම සැඟවී ඉන්නම්
පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders