ඒයි මොකද මාව කෑවෙ

Eyi Mokada Maawa Kaawe
ඒයි මොකද මාව කෑවෙ
මෝඩ මදුරුවෝ
මදූරුවෝ මදුරුවෝ
ඒයි මොකද මාව කෑවෙ
මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොත්තෙන්
කෙනිත්තුවේ උඹේ ඔළුව
උඹට රිදුන වගේ තමයි
මටත් රිදුනෙ ඒ වෙලාවෙ
මෙච්චර කල් ගෙදර ඉඳල
බණ පදයක් අහල නැද්ද
අහල නැද්ද බණ පදයක්
බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහල
මේ විදිහට වද දෙන්නේ
උකුණො මකුණො මදුරුවන්ට
විස දළ ඇති වෙන්න එපා
මහ විසකුරු දළ තිබුනත්
අනුන්ට වද දෙන්න එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders