එළාර දුටුගැමුණු
Elara Dutu Gamunu
එළාර දුටුගැමුණු යුද්දේ තේමාවුණු
නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලේ වගේමලු යුද්ද කතා බලන්නමලු
වැඩිදෙනා එකතුවුනේ ඉස්සර කාලේ
පාට පාට විදුලි බුබුළු
නළුවාට focus වුනු
දැන් වාගේ තිබුනේ නෑ ඉස්සර කාලේ
හුළං ගහලා පත්තු කරපු
වේදිකාව මැද එල්ලපු
තිබුනේ එකම ලාම්පුවයි ඉස්සර කාලේ
මුහුණට මුහුණලා දෙන්නා සටන් කරනවා
උඩ පැනපු දුටුගැමුණු ලාම්පුවට ගහනවා
කෑගහපු හූ කියපු අය සයිලන්ස් වෙනවා
වේදිකාව කලුවරේම නොපෙනී යනවා
නරඹන්නන් ගෙන් එළියක් කරලියට වැටෙනවා
එලාරයි දුටුගැමුණුයි ඇන තියන් ඉන්නවා
ටෝච් එලියට පැහැදිලිව දෙන්නාව පේනවා
මාරු වේවි ලාම්පුවට හුලන් ගහනවා
එදත් හුලන් ගැහුවා අදත් හුලන් ගහනවා
දෙපැත්තේ ලොක්කෝ හෙටත් හුලන් ගහයිදෝ
කිසිදා නැති නොවෙනා නැතිදා පල නොදෙනා
යුද්දේ හිඟන්නාගේ තුවාලේ නේදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders