දුර යන්න හිතුවාට
Dura Yanna Hithuwata
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සශිකා නිසංසලා