දොං දොමිකිට

Don Domikita
දොං දොමිකිට දොඹ මල උඩ
බඹර පැටික්කී නටනවා
රුංද ගතං රුඳ ගත ගත
පුංචි පුංචි තටු සලනවා
බෝවිටියා ලන්ද දිගේ
කිචි බිචි බිචි කලබලයයි
බටිති මලිති රෑන් රෑන්
සන්තෝසෙන් සින්දු කියයි
පොල්ගස් වල ලේන පැටවු
කැරකි කැරකි පිනුම් ගසයි
ගලන දොලේ කොරළි පැටව්
පෙරළි පෙරළි හරිම දඟයි
වල් තිබ්බටු ගාල රකින
පින් කොහාගෙ නින්ද කඩල
කව්ද කෙනක් හොර රහසේ
සින්දු කියන්නට කිව්වය
කජු හිරිමල් පොකුරු පොකුරු
දෙවට දිගේ අහුරු අහුරු
කවුද කෙනක් පිළිගන්නට
පාවඩ අතුරලා වාගෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගීතා කාන්ති ජයකොඩි
All songs by ගීතා කාන්ති ජයකොඩි