දිනනදාට කොල්ලෝ

Dinanadaata Kollo
දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා
ලෝකෙ වටේ ගිහින් කොල්ලො
වැඩ පෙන්නනවා
මෙන්න බොලේ වෙනින් එවුන්
ලකුණු ගන්නවා
දිනාල එන දාට ගිහින්
මූණ ඉඹිනවා
පැරදුනාම කොයි ලොක්කත්
අහක බලනවා
දැම්මට බොරු කිණ්ඩි
ඔය වැඩ බැරි නොණ්ඩි
ක්‍රිකට් ලොවේ සූරයන්ව
අපට වටිනවා
ජය පැරදුම දරාගන්න
හිතට ශක්තිය
අපි දන්නව ඔබ හැමටම
තියෙන විත්තිය
තවත් කලක් තියාගන්න
ලබාගත් ජය
ඉස්සරහට තල්ලු කරමු
අපේ කට්ටිය
පුංචි කොල්ලො නියමයි
ලෝකෙ නමක් තැබුවයි
අපේ ගීත උපහාරය
ඒ විරුවන්ටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders