දණ ගාද්දී ඇවිදින්නට
Dana Gaaddi Awidinnata
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා
දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders