බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි
Budu Hamuduruwo Wadiya Wageyi
බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි
පින්බර ස්වාමිනේ
දුක හිතල ද හිර ගෙදරට වැඩියේ
මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර
හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද
බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනේ මා ගෙලලන්නට
ඉඩනම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගේ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇති දා ළඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැති දා ළඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා
නොදැන කෙරූවත් වරද වරදමයි
නැත කිසි දිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග
සිඹ සමුගනිමි මෙමා
කෙලිලොල්කම් කෙරූ මා සතු දිවිමඟ
දැන් දැන් වේවි නිමා
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි
බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි
පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා සිරගෙට ආවේ
පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරෙන් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders