බෝවිටියා මල්
Bowitiya mal
බෝවිටියා මල් හුළඟෙ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක නියර උඩින් පැන
දුවලා වරේං මගෙ මලේ
ගෝවින්දා හේ කඳු මැද්දෙන්
වහීන්නත් වගේ
ගෝවින්දා ඒ කඳු මැද්දෙන්
වහීන්නත් වගේ
ගඟුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්
ගඟුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්
පැන්සල දෙකට කඩාගෙන
මදටිය ඇට එකතු කරාගෙන
පෑන පොතට පිරියක් නෑ මට
වාගේ ඒවා නෑ මේ හරිත කලාවට
මී අඹ ගස් අත්තෙ පැහිල හොඳ
මාල ගිරව් වට ගනන් හදනවද
චක්කරේට වඩා දන්නව මං
මන්තරෙ මේ කදු කතා කරන හඩ
නැව්ගල කන්දෙන් ඒ එහාට
මල් පිපිලා ඇති මලින බරව
යන්න ඕනෙ දවසක බලං ඉන්න
හත් කඳු පිසගෙන ඉර වඩිනා රග
අමර ඉතිං මං එන්නෑ හෙට
වේවැල කෙවිටක් වෙන් නෑ තව
බාන එක්ක යාය පුරාවට
ගොපලු රජා වෙන්නම් මේ යායට
ගෝවින්දා හේ කඳු මැද්දෙන්
වහීන්නත් වගේ
ගෝවින්දා ඒ කඳු මැද්දෙන්
වහීන්නත් වගේ
ගඟුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්
ගඟුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්
බෝවිටියා මල් හුළඟෙ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක නියර උඩින් පැන
දුවලා වරේං මගෙ මලේ
බෝවිටියා මල් හුළඟෙ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක නියර උඩින් පැන
දුවලා වරේං මගෙ මලේ
Contributors · 1
Pahansa — added the song
Lyrics reproduced for study · © respective rights holders
More by රවී ජේ