බොරුවට අඬ අඬ
Boruwata Anda Anda
බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී
වැඩ පල කරදෙන නෑ බෑ නොකියන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
මල්ලී ඇඬුවම විගහට නලවන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
කම්මැලියා හිරු නැගෙනා තුරු දොයිදොයියා
උදේ පාන්දර හරි හීතලයිනේ තාත්ති
පුංචි දුවේ මුලු හවසම සෙල්ලම් පිටියේ
කරුවල වැටෙන්න ඉස්සර ගෙදර එනවනේ
අලුත ගෙනා ගල්ලෑලිම දහයක් කැඩුවා
බිම වැටුනු ගමන් කැඩෙනවනේ තාත්ති
හරිම වසයි පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි
වැරදි කරන නිසානෙ ගහන්නෙ තාත්ති
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders