බල්ල පිදුරු කන්නෙත් නෑ

Balla Piduru Kanneth Naa
බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
කන්නෙත් නෑ දෙන්නෙත් නෑ
බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා
ඔයා අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ
එහා පැත්තෙ ඉඳගෙන මට විහිළු කරනවා
හොඳ අකුරක් ලියවෙනකොට අතින් අනිනවා
මට අතින් අනිනවා
ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders