ඇය කොණ්ඩෙ දිගට දාලා
Aya Konde Digata Daalaa
ඇය කොණ්ඩෙ දිගට දාලා
හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ
නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පංතිය පාළුයි
ගමරාළගෙ කථාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පංතියෙ කරන්නෙ ඝෝසා
සිනා ගෙනෙන කථා තමයි ඇය පවසන්නේ
ආදරයෙන් සැමදා අපහට සලකන්නේ
ඇය අසලම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පංතිය දමා යන්න අපි හරි ලෝබයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders