අරාබිය

Arabiya
මගෙ නම ගයාන්
අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ වුණාට
මේ ළඟදි දවසක
රුවැති යුවතියක් පැමිණියා
ඇත්තම කියනව නම්
ඇගේ ඇස් - ඒ හිනාව - ඒ කතාව
මගේ හදේ තදින්ම දැවටිලා
ඉතිං උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන්
මම මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඈ
මගේ හිතට දැන්නම් වදයක් වෙලා
ඉතිං නුඹ
ඇයට කැමති නම්
සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගෙ දිවියේ
මෙතෙක් නොදුටු - අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා - ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
මම චමිල - මම මෙයාගෙ හොඳ ෆිට් එක
මම හැම තිස්සෙම කියන්නෙ
උඹ ඔහොම හිටියොත් වෙන ග්‍රහයෙක් ඇවිත්
ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි නහයවලුයි
හිතේ දැවටුනා කිව්වට
මටනං කිසිම දෙයක් දැවටුන්නෑ
උඹට කෙල්ලෙක් ඕනෑම නම්
හොයල දෙන්නංකෝ
අන්තිමේදි කොහොම කොහොම හරි ඔය කෙල්ල
උඹට කෙසේ වෙතත්
අපිටනං මාර වදයක් වෙන බව මට ෂුවර්
උඹලයෙ තාත්ත කියනව වගේ
පොතක් පතක් අරන් දැන්වත් හැදියං
ඉතිං මට මගේ සිත වෙනස් කර ගන්නට බැරිනම්
සිතින් මම දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders