අපට පුංචි රටක් ඇතේ

Apata Punchi Ratak Athe
අපට පුංචි රටක් ඇතේ
පුංචි අපට රටක් ඇතේ
පුංචි රටේ අනාගතේ
පුංචි අපේ අතේ ඇතේ
ජන රජ පහනේ
පොඩි අපි දිනු සිත වෙමුකෝ
ජන රජ සෙවනේ
අපි හැම එකමුතු වෙමුකෝ
දහඩිය හෙලුවොත්
අපහට සැනසුම හිමිවෙයි
ඉදිරිය බැලුවොත්
සිරිලක දියුණුව ඇතිවෙයි
පොඩි අප හින්දයි
රටකට කිරි උතුරන්නේ
ගත වෙහෙසන්නයි
මුල සිට අප සැරසෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders