අම්ම මාව දොයි කරන්න
Amma Maawa Doyi Karanna
අම්ම මාව දොයි කරන්න
හදපු හැටි අගෙයි
හබුං කටයි කියාලා
බත් දෙකටක් කවාලා
වතුර ටිකක් පොවාලා
උකුල උඩින් දමාලා
දොයි දොයි දොයි කියාලා
බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා
නැලවිල්ලක් ගොතාලා
ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී
හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders