අම්ම ගෙනා වළලු

Amma Genaa Walalu
අම්ම ගෙනා වළලු
පාට පාට වළලු
අතේ දාල බලමු
ලස්සනදැයි අහමු
පහල ගෙදර සිළිඳු
අඬයි නැතිව වළලු
පිහදා ගෙන කඳුළු
එන්න දෙන්න වළලු
දෑත වටා තුරුලු
වෙමින් නටයි වළලු
නගා හිනා මුකුළු
පිපිදෙයි මුව කැකුළු
ගියා අතේ පාලු
සතුට ඉතිර යාලු
නැතුවට මුතු පබළු
අගෙයි අගෙයි වළලු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders